Saturday, December 13, 2014

සවස් යාමයේ පියමනින්නේ
නිවහනයි හද සනසවන්නේ
අදුර අතරින් ඉගි කරන්නේ
වැස්ස අප වත තෙත් කරන්නේ
අනෝරා වැසි කඩා හැලෙමින්
වැටෙන දිය බිදු කොපුල් අතරින්
විදින කරදර එමට සිතමින්
පා නගමි දෙස් දෙවොල් තියමින්
කන්නලව් කර නිතර කියමින්
සවස් කල වැසි නොවැට පතමින්
පැමිණියත් හද විසුනු කරමින්
ඇද හැලේ වැසි පොලව සිබිමින්..
පෙර කල පින් මදි මේ සංසාරෙට
එමට සෝතැවුල් ඇති වන්නේ
කෙලෙස් මලින් පිරි මගෙ මේ හදටයි
බාධා කරදර නිති වන්නේ
සරණක් නොමැතිව නැගෙන හදේ ගිනි
කවුරුන් පැමිණ ද නිවලන්නේ
කල්යල් බලමින් හීදී දිවිතුරා
නිවනම සොයමින් වෙහෙසෙන්නේ...

Wednesday, December 10, 2014

වැටෙන පිනි බිදු මලට ඉහලින්
සීතලෙන් වෙලි ගතේ පහසින්
අදුර මැද්දෙන් දෙපය තබමින්
හිමිදිරියේ සිරි බලනු දෙඇසින්

නේක දන කඩිමුඩියේ දුවමින්
ජීවිතේ වෙලි ගැහැට සිතමින්
කාසි අබිමුව වෙහෙස කරමින්
නිතිපතා යයි නොනිමි ගමනින්

කෙලෙස් බැමි වල සදා රැදෙමින්
සතුට සොයමින් හැල්මෙ දුවමින්
නොනිත් සසරේ නිවන් සොයමින්
පිය නගයි දිවි ගමනේ මෙලෙසින්..
දහස් ගව්දුර ඇවිද යන්නට
සොයමි අත්වැල පතා එකවිට
නිනව්වක් නැති දිවියේ මිහිපිට
රැඳෙන කිසිවකු සොයනු උගහට

අතින් අල්ලා මඟ කියන්නට
සොඳුරු වදනින් හිත හදන්නට
ජීවිතේ බර කරට ගන්නට
හිඳින කවුරුන් වෙත් ද මහදට...
නොනිමෙන
ක්ලේශයන්
පිළිපන් සිතෙන්
පිදුවත් බුදු හිමිට
මල්
දෝතින් ගෙන
සිතෙහි රැඳි
කෙලෙස් මල
කෙලෙස
බැහැර කළ
හැකිද
වේදනාවෙන්
මිරිකෙමින්
පලා යන්නට
මගක් සොයනා
මිනිසෙකුගේ
හිතේ ගින්දරෙන්
යටපත් කල හැක
ඔහුගේ
බඩේ ගින්දර...
නිවහල් සිතකින් මෙලොව දකින්නට
නිදහස් මනසින් ඉදිරි බලන්නට
සුවිසල් පැතුමන් ඔප් නංවන්නට
ශිල්පය සැම මතු දිනුම ලබන්නට

නේක දුකින් හිඳ ලබන ඉගෙනුමට
නිසි තැන කිසිදා නොලැබෙයි උගතට
ගැරහුම් දෙඩවුම් සිදු වෙයි බැලුමට
අනේ නූගතුන් සැම යයි ඉහලට

ලතැවුල් පමණක් ඉතිරි කරන් හෙට
කරනෙමි රැකියා රිසි නොවු තැන සිට
එයින් නොනැවතී තව ඉගෙනුමකට
ලොබ බැඳ කරනෙමු ඉදිරිය දැකුමට

Thursday, December 4, 2014

නිහඩ දිවිමග

නෙතු පියා හිදින විට මතකෙ ඇදි සිතුවමක්
දෙනෙත් හැර බැලූ විට ඉතිරි හදෙ හිස් බවක්
නිහඩ නිසසල රැයක තනි වු එක් සිහිනයක්
ලැගුම් ගෙන හද පතුලේ ඉකි බිදියි තනිකමක්
කප්පරක් හීන මැවු අතීතයේ කතාවක්
මැවි මැවී රැව් දෙන්නේ හිතේ ඇති වියෝවක්
ශේෂ වූ හීන පොදි බැදන් එක් කල්පයක්
මම රැදෙමි නිසලවම දහස් එක් වතාවක්
දිලෙන සද මඩල දෙස බලා එක් වතාවක්
මා පැතුවේ සදු නොවෙයි එකම තාරකාවක්
පුර සදම නොපැතුවද ජීවිතේ කතාවක්
කෙසේ ලියනට හැකි ද දුක්බර වූ නිමාවක්
හිමි අහිමි බව රැදුනු දිවියේ එක් සැදෑවක්
නිම නොවන සිත් දැහැන බිදෙන එක වතාවක්
පර නොවුන හිත් පොඩිය පිපෙන ඒ නිශාවක්
ළං කරනු හැකි කවුරු වෙත් ද මට දයාවක්...

LONELY

L ove
O nly
N eed
E motional feelings
L et go in
Y our mind
නිහඩ ගමනක යෙදෙන හැමවිට
වැටෙන ගල්මුල් සිතමිනා
දිරි අරන් ගත කරන දිවියට
පන්නරය නිති පතමිනා
හිමි අහිමි බව රැදෙන සිතයට
කෙලෙස හිදිමි ද මෙලෙසිනා
පිලිපන්න ඒ නිහඩ දිවියට
රැදෙනු හැකි කවුරුන් වෙනා...
ගතම රිදුම් දෙන හිස ද කකියවන
දෙපයත් පන නැති මසිතම රිදවන
සරනක් පෙනෙනා දුරකුත් නොපෙනෙන
කිම මේ මට වුන වියොව මෙදා දින..

Tuesday, December 2, 2014

සැබෑ මිතුරන්

ජීවිතේ රැඳි සැබෑ මිතුරන්
අතැර නොයනා බව දනිමි මන්
පුදමි මල්මිට මිතුර නුඹවන්
කෙනෙකු ලද මා හිඳිමි තුටියෙන්
මුහුණු පොත තුල සදා මිතුරන්
දැකිය හැක මට නුඹේ වදනින්
සිතේ ලතැවුල් බැහැර කරමින්
හිඳිමි නුඹ හා සදා සතුටින්

තනිකම

පිපි සොද කුසුම් පරවී යන රැය හිදිමින්
කිම නොපැමිණි නිදි දෙව්දුව මා සිත බිදිමින්
දිගු මේ රැය ගෙව ගන්න‍ට දුක් විදිමින්
නෙතු පිය වසා ඉමි තනියම කල් බලමින්
සිහිනෙන් පෙනේ නුඹ මා අද්දර හිදිමින්
කෙහෙරැලි පිරිමදියි මා සිත සනසවමින්
නෙත් හැර බැලූ විට නුඹ ඈතක ගෙනිහින්
කදුලැල් ගලා යයි දෙකොපුල් තෙත් කරමින්
නිදි දෙව්දුව කිම මට සරදම් කරමින්
වරම් නැති ද ළං වන්නට හොර රහසින්
නොනිදා හිදිමි ජීවිතයම සිත් තැවුලින්
අසරණ මදෙස බැලුමට හිදිවිද කවුරුන්