Thursday, December 4, 2014

නිහඩ දිවිමග

නෙතු පියා හිදින විට මතකෙ ඇදි සිතුවමක්
දෙනෙත් හැර බැලූ විට ඉතිරි හදෙ හිස් බවක්
නිහඩ නිසසල රැයක තනි වු එක් සිහිනයක්
ලැගුම් ගෙන හද පතුලේ ඉකි බිදියි තනිකමක්
කප්පරක් හීන මැවු අතීතයේ කතාවක්
මැවි මැවී රැව් දෙන්නේ හිතේ ඇති වියෝවක්
ශේෂ වූ හීන පොදි බැදන් එක් කල්පයක්
මම රැදෙමි නිසලවම දහස් එක් වතාවක්
දිලෙන සද මඩල දෙස බලා එක් වතාවක්
මා පැතුවේ සදු නොවෙයි එකම තාරකාවක්
පුර සදම නොපැතුවද ජීවිතේ කතාවක්
කෙසේ ලියනට හැකි ද දුක්බර වූ නිමාවක්
හිමි අහිමි බව රැදුනු දිවියේ එක් සැදෑවක්
නිම නොවන සිත් දැහැන බිදෙන එක වතාවක්
පර නොවුන හිත් පොඩිය පිපෙන ඒ නිශාවක්
ළං කරනු හැකි කවුරු වෙත් ද මට දයාවක්...

No comments:

Post a Comment