Tuesday, December 2, 2014

තනිකම

පිපි සොද කුසුම් පරවී යන රැය හිදිමින්
කිම නොපැමිණි නිදි දෙව්දුව මා සිත බිදිමින්
දිගු මේ රැය ගෙව ගන්න‍ට දුක් විදිමින්
නෙතු පිය වසා ඉමි තනියම කල් බලමින්
සිහිනෙන් පෙනේ නුඹ මා අද්දර හිදිමින්
කෙහෙරැලි පිරිමදියි මා සිත සනසවමින්
නෙත් හැර බැලූ විට නුඹ ඈතක ගෙනිහින්
කදුලැල් ගලා යයි දෙකොපුල් තෙත් කරමින්
නිදි දෙව්දුව කිම මට සරදම් කරමින්
වරම් නැති ද ළං වන්නට හොර රහසින්
නොනිදා හිදිමි ජීවිතයම සිත් තැවුලින්
අසරණ මදෙස බැලුමට හිදිවිද කවුරුන්

No comments:

Post a Comment