Saturday, November 29, 2014

හුදෙකලාව

නිසල රැයෙහි දි නැඟෙන සිහියට
මැවෙන රූ සිරි නුඹේ වත මට
හදෙන් විසි කර දමමි හැමකල
දිවිය සොඳුරුය හුදෙකලාවෙම

තනිව නැඟිටිමි දිවිය දිනුමට
පාළු තනිකම දැරිය හැක මට
බිඳුනු සිත දැන් සුව වෙමින් ඇත
අමනාපයක් හදෙහි රැඳි නැත..

No comments:

Post a Comment