රංචු ගැසෙනා විහග කැල මෙන
සිටියෙ දා අප විදු පියස තුල
නිවෙස හැර යන කිරිලියක ලෙස
නුඹ ගියේ අප හිත රිද්දමින
සිටියෙ දා අප විදු පියස තුල
නිවෙස හැර යන කිරිලියක ලෙස
නුඹ ගියේ අප හිත රිද්දමින
නොසිතුවේ මුත් මෙවන් දිනයක
පියෑඹූ නුඹ පුදුම කරමින
අත්හැරුනු නුඹෙ සෙනෙහෙ ලග අප
තනි වුනේ සැම කදුළු එක්කර
ලබැදියාවෙන් පිරී ගිය හිත
සෝතැවුල් පිරි මලගෙයකි අද
තාම ඇත හිත එදා ලෙසටම
නුඹට වෙන් කර අගුළු ලා එය
පියෑඹූ නුඹ පුදුම කරමින
අත්හැරුනු නුඹෙ සෙනෙහෙ ලග අප
තනි වුනේ සැම කදුළු එක්කර
ලබැදියාවෙන් පිරී ගිය හිත
සෝතැවුල් පිරි මලගෙයකි අද
තාම ඇත හිත එදා ලෙසටම
නුඹට වෙන් කර අගුළු ලා එය
No comments:
Post a Comment