Saturday, November 29, 2014

රෝහල් සයනයේ වැතිර නිදන නුඹ
දකින මගේ හද පාරයි ඉකිබිඳ
ලයේ ගලා ගිය සුසුමන් එක්වම
තනිවම වැලපෙයි නුඹව දකින හද

පෙර කළ පින් මදි වීම නිසාවෙනි
මේ කළ විඳිනට වූයේ දුක්සැම
මව්නි නුඹේ ඇති සෙනෙහෙ ගංදියෙන්
නහවනු මැන මා ළගින් හොවාගෙන

වේදනාවන් ගතම වෙලී නුඹේ
දකින නෙතට එයි කඳුළු ගලා නිති
සසර පුරාවම ළංව හිදිනු රිසි
සදා මව් ලෙසින් එනු මැන පෙම්බැඳි...

No comments:

Post a Comment