Saturday, November 29, 2014

අසරණ දනන්

නිදි ගැහැට විඳවමින් තම දෙපා රිදෙන තුරු
මඟ බලා හිඳින්නේ තම වාරේ ලැබෙනතුරු
පොහොසතුන් නොවේ සැම අසරණයි නිරතුරු
පාලනේ නිසාවෙන් දුක් විඳියි සුමිතුරු

වෙදදුරුට නොම දැනේ මිනිසුන්ගේ වේදනා
මනුසත්කමින් තොර වදන් එහෙ මෙහෙ වෙනා
අත යටින් දෙන මුදල් ඉදිරියට ඇදෙමිනා
අසරණ වු දනන් හැම පෙළ ගැසෙයි දුකකිනා

රෝහලේ එක පෙළට හිඳ ගෙනම සිටින්නේ
ඇවිදගනු බැරි අයයි අසරණව හිඳින්නේ
කාලයයි මිඩංගුව කුසගින්න දැනෙන්නේ
කිම පමා කීයටද අපි ගෙදර දුවන්නේ

නිරෝගී බව ලොවේ පරම වූ සැපතකි
රෝගී වූ කිසිවෙකුට මෙලොව පිහිටක් නැති
අනුකම්පා විරහිතව කෑගසන හෙදියනි
මදක් සිහි කර බලනු පින ලැබෙනු නියතකි

No comments:

Post a Comment