Wednesday, January 14, 2015


සෙනෙහස උතුරා ගිය තැන
ආදරය යැයි වටහා ගැනීම
මුසාවකි යලි දිනක වැටහෙන...
ප්‍රේමයට තිත තබා
විරහවට දැමූ කොමාව
තවම හද තුල
ඉකිබිඳියි
නැවතීමක් නැතුවම..

උපාධිය

දහසක් දුක් විද
ගත්ත උපාධිය
විකිනේ ලාබෙට
දුකක් පමණි හද
ඒත් ඉවර නැහැ
තවත් ඕනමයි
උපාධි එකපිට
සන්තකේම ඇති
සියල්ල පුද කර
ගන්නේ උපාධිය
සේරම එක්කර
ඒත් තවම අද
එකම තැනකි අප
හරිහැටි ඉගෙනුම්
නොමැති දනන් හට
වැඳ වැටී දණ ඔබ
අහෝ! උගත්කම
ගොස් වලපල්ලට.....
ඉපදී පැල්පතක බිලිදෙකු ලෙසින් එදා
දෙතනේ කිරිත් අහිමිව ගියේ මව් නැතිදා
මා පිය ගොසින් පර අඹු සැප විඳිනු මෙදා
අයියණ්ඩියේ නුඹ පමණයි පිහිට සදා
බත් පිඩු එකින් එක මා මුව තබා සිතින්
නංගියේ කියා ආදරයෙන් කවන නිතින්
මා පණ නුඹයි සොහොයුර හදවතේ බැතින්
ලෙන්ගතුකමින් ඉතිරී යයි දිවිය ඉතින්
අඟහිඟකමින් මිරිකී දුක් විඳින සොවින්
කුසගිනි නොම දැනේ මව්පිය අහිමි පවින්
කටුමැටි ගෙපැලේ හුදෙකලාව විඳින බැවින්
සැමදා සරණ නුඹ පමණයි මට මෙලොවින්
මුහුණු පොත හද රැඳුනු සොහොයුරෙකි නුඹ මගේ
ලයේ දුක තද කරන් සමු ගන්න විය මෙසේ
එක මවගේ නොම වුනත් සොහොයුරන් සැම දිනේ
කිසිදිනක මතකයෙන් නොම යාවි මගේ හදේ.
මලින් මල යන බඹරු
රොන් සුවඳ හඳුනයි ද
තුඩින් තුඩ විදි කවුරු
ඉරණමට හසුවෙයි ද
බඹර විස තුඩ වැදී
පරවෙනා මල් ලොවේ
අසරණව මිලින වෙයි
ශාපලත් ලෝකයේ
මල් කැකුළු පිපෙන්නට
සලසවමු හෙට දිනේ
ඉඩ නොදෙමු බඹරුන්ට
රොන් ගන්න නිදහසේ