Wednesday, January 14, 2015

සකුරා මල් පිපෙන රටට පා තබා

සකුරා මල් පියලි වැටෙන 
වසන්තයේ එක් දිනයක
ක්යොතො නගරේ ඇවිදින්නට
යන්නට එනවද
කබුකි රැඟුම් රස විද විද
සශිමි කකා බඩ පුරවන්
තණ පලසේ හිඳ ගැයුමට
යන්නට එනවද
හිරෝෂිමා නගරෙට ගොස්
සුන්බුන් වූ කෞතුක දැක
සීත සුළං පහස ලබා
ගන්නට එනවද
තෝකියෝව පුරා ගිහින්
දෙන්ෂිජිෂෝවක් අරගෙන
ජපන් ටිකක් පුරුදු වෙන්න
යන්නට එනවද
ජපානයේ අසිරි බලා
දහදුක් විද කාසි සොයා
නැවතත් සිය මව් රට වෙත
යන්නට එනවද

No comments:

Post a Comment