Wednesday, January 14, 2015

මතක සැමරුම්

වසන්තයේ හැමු සිසිල් සුළඟින්
මන්මත්ව ගිය අපේ හදවත්
ශීත සෘතුවේ වින්දේ සතුටින්
තුහින වෑහෙන අසිරි සිරියත්
දෙඅත් පටලා හීන දකිමින්
ග්‍රීෂ්මයේ ඇඳි පෙමක සිතුවම්
බොඳව ගියේ එද අසුරු සැනකින්
නටබුන්ව හද මතක සැමරුම්..

No comments:

Post a Comment