ගලන ගඟ මෙන් ගෙවන දිවියට
කුමට ලතැවුල් සතුට මිස මට
නිරාමිස සුව විඳිනු සදහට
එයින් ලැබ ගනු දිරිය නිවනට
කුමට ලතැවුල් සතුට මිස මට
නිරාමිස සුව විඳිනු සදහට
එයින් ලැබ ගනු දිරිය නිවනට
කෙලෙහිගුණ දම් වඩන හිතයට
සත්පුරුෂකම් දැනෙන දම් යට
නොවන නොසරුප් වදන් මතුවට
පතමු මෙත් සිත ලැදිව දහමට
සත්පුරුෂකම් දැනෙන දම් යට
නොවන නොසරුප් වදන් මතුවට
පතමු මෙත් සිත ලැදිව දහමට
නිහඬ නිසසල දිවිය ගෙවුමට
ලැබෙන නිති පින් අගෙයි ලොවකට
අමා දම් සුව රැඳෙන නිවනට
එයයි සැනසුම මෙයින් මතුවට...
ලැබෙන නිති පින් අගෙයි ලොවකට
අමා දම් සුව රැඳෙන නිවනට
එයයි සැනසුම මෙයින් මතුවට...
No comments:
Post a Comment