Wednesday, January 14, 2015

යදම් බැඳ අගුළු ලා සිරකලත් සිත නුඹේ
ඉගිලිලා යයි දිනක නුඹ නොදැන නිදහසේ
සිහිල් සුව ගත වැදී නැවුම් හැඟුමන් එතේ
තුරුණු විය මල්බරයි සිත් අහසේ පා වුනේ
මල් ගොමුවේ තුරු වදුලේ පියමැන්න දා එදා
නිල් අහසේ මේඝයන් යට ඉඳන් කී කතා
රළ පෙළට නුඹ නොකිව ඒ වදන් ගැන අසා
යලි එන්න නිදහසේ දොඩමළුව ඉනු සදා
අසනි වැස්සෙන් තෙමී ගුලි වෙච්ච හීන පොඳි
කප්පරක් හිත් පොඩියේ හංගා ගෙන වින්ද හැටි
සරුසාර කෙත් මැදින් පියමැන්න මතක පොඳි
සිහි කරයි මහළු වියේ නෙතට උනු කඳුළු කැටි

No comments:

Post a Comment