Wednesday, January 14, 2015

අහිමි සැප කුමට මට

අරුමෝසමින් පිරුණු ලෝකයෙන් දුරස් වුන
දිළිඳු බවේ රජ වෙවී මහමඟට වීසි වුන
දෙතනේ කිරි නැති සොවින් බඩ පොත්ත ඇලවුන
දැක නංගිගේ මුව මගේ හද මැලවුන
සුව යහන් නැති ලොවේ නින්ද අහිමිය සදා
හිඟමනින් අත පොවා දිවි ගෙවයි සෑමදා
දිව බොජුන් නැති අපගේ රස නහර නැති මෙදා
කිම කරපු පව් මෙලෙස දුක් විඳින්නට සදා
අහිමි වූ සුර සැපක් ගැන සිතා ලත නොවී
හිඳිනු හැර කුමක් කළ යුතුද කම්පා නොවී
රිසි වුවද ඉගෙනුමට යවනු කෙනෙකුන් නොවී
කඳුළු බිදු පමණි අප උරුම සතුටක් නොවී

No comments:

Post a Comment