Wednesday, January 14, 2015


සෙනෙහස උතුරා ගිය තැන
ආදරය යැයි වටහා ගැනීම
මුසාවකි යලි දිනක වැටහෙන...
ප්‍රේමයට තිත තබා
විරහවට දැමූ කොමාව
තවම හද තුල
ඉකිබිඳියි
නැවතීමක් නැතුවම..

උපාධිය

දහසක් දුක් විද
ගත්ත උපාධිය
විකිනේ ලාබෙට
දුකක් පමණි හද
ඒත් ඉවර නැහැ
තවත් ඕනමයි
උපාධි එකපිට
සන්තකේම ඇති
සියල්ල පුද කර
ගන්නේ උපාධිය
සේරම එක්කර
ඒත් තවම අද
එකම තැනකි අප
හරිහැටි ඉගෙනුම්
නොමැති දනන් හට
වැඳ වැටී දණ ඔබ
අහෝ! උගත්කම
ගොස් වලපල්ලට.....
ඉපදී පැල්පතක බිලිදෙකු ලෙසින් එදා
දෙතනේ කිරිත් අහිමිව ගියේ මව් නැතිදා
මා පිය ගොසින් පර අඹු සැප විඳිනු මෙදා
අයියණ්ඩියේ නුඹ පමණයි පිහිට සදා
බත් පිඩු එකින් එක මා මුව තබා සිතින්
නංගියේ කියා ආදරයෙන් කවන නිතින්
මා පණ නුඹයි සොහොයුර හදවතේ බැතින්
ලෙන්ගතුකමින් ඉතිරී යයි දිවිය ඉතින්
අඟහිඟකමින් මිරිකී දුක් විඳින සොවින්
කුසගිනි නොම දැනේ මව්පිය අහිමි පවින්
කටුමැටි ගෙපැලේ හුදෙකලාව විඳින බැවින්
සැමදා සරණ නුඹ පමණයි මට මෙලොවින්
මුහුණු පොත හද රැඳුනු සොහොයුරෙකි නුඹ මගේ
ලයේ දුක තද කරන් සමු ගන්න විය මෙසේ
එක මවගේ නොම වුනත් සොහොයුරන් සැම දිනේ
කිසිදිනක මතකයෙන් නොම යාවි මගේ හදේ.
මලින් මල යන බඹරු
රොන් සුවඳ හඳුනයි ද
තුඩින් තුඩ විදි කවුරු
ඉරණමට හසුවෙයි ද
බඹර විස තුඩ වැදී
පරවෙනා මල් ලොවේ
අසරණව මිලින වෙයි
ශාපලත් ලෝකයේ
මල් කැකුළු පිපෙන්නට
සලසවමු හෙට දිනේ
ඉඩ නොදෙමු බඹරුන්ට
රොන් ගන්න නිදහසේ

පියවර

යා යුතු මඟ දැන
ඇරඹූ දිවියේ
නොසැලී පෙරටම
දරා සියලු දෙය
යුහුසුළු ගමනින්
ඉදිරි බලා හෙට
තබනෙමු පියවර
දැඩි කොට හදවත
නැවතත් නොතබමි
පය පසුපසකට
ජය ගෙන මිස ලොව
නොබලමි කිසිවිට
ගිලන් වූ ගතට
පන පොවන්නට
වෙදදුරන් වෙත් ද
ගිලන් වූ සිතට
වාරු දෙන්නට
සිටින කෙනෙකුන්
සොයනු කෙලෙසක...
යදම් බැඳ අගුළු ලා සිරකලත් සිත නුඹේ
ඉගිලිලා යයි දිනක නුඹ නොදැන නිදහසේ
සිහිල් සුව ගත වැදී නැවුම් හැඟුමන් එතේ
තුරුණු විය මල්බරයි සිත් අහසේ පා වුනේ
මල් ගොමුවේ තුරු වදුලේ පියමැන්න දා එදා
නිල් අහසේ මේඝයන් යට ඉඳන් කී කතා
රළ පෙළට නුඹ නොකිව ඒ වදන් ගැන අසා
යලි එන්න නිදහසේ දොඩමළුව ඉනු සදා
අසනි වැස්සෙන් තෙමී ගුලි වෙච්ච හීන පොඳි
කප්පරක් හිත් පොඩියේ හංගා ගෙන වින්ද හැටි
සරුසාර කෙත් මැදින් පියමැන්න මතක පොඳි
සිහි කරයි මහළු වියේ නෙතට උනු කඳුළු කැටි
දිවියට නිරෝගී බව සැපතකි නිබද
පෙර පින් නැතුව කරදර එයි පසුපසම
යහපත් දිවිය දෙයි සැනසුම හදවතට
කුසල් කරමු හැකි ලෙසකට හැමදාම

අහිමි සැප කුමට මට

අරුමෝසමින් පිරුණු ලෝකයෙන් දුරස් වුන
දිළිඳු බවේ රජ වෙවී මහමඟට වීසි වුන
දෙතනේ කිරි නැති සොවින් බඩ පොත්ත ඇලවුන
දැක නංගිගේ මුව මගේ හද මැලවුන
සුව යහන් නැති ලොවේ නින්ද අහිමිය සදා
හිඟමනින් අත පොවා දිවි ගෙවයි සෑමදා
දිව බොජුන් නැති අපගේ රස නහර නැති මෙදා
කිම කරපු පව් මෙලෙස දුක් විඳින්නට සදා
අහිමි වූ සුර සැපක් ගැන සිතා ලත නොවී
හිඳිනු හැර කුමක් කළ යුතුද කම්පා නොවී
රිසි වුවද ඉගෙනුමට යවනු කෙනෙකුන් නොවී
කඳුළු බිදු පමණි අප උරුම සතුටක් නොවී

පින්බර දුරුතු පොහෝ දිනය

අඳුර නසා ආලෝකය ලැබෙන......................දින
සුවඳැති මලින් බුදු හිමියන් පුදන ...................දින
සම්බුදු හිමි දෙසූ බණ පද ඇසෙන .................දින
පින්බර දුරුතු පොහො දිනයක් ඇතමෙ ..........දින
සිල්වත් සිතින් දිවියේ ඇති ගැහැට ...............සිතා
බුදු හිමි වඳිමි දුක් කරදර ගැනම ...................සිතා
දිවියට ඉතුරු පින පමණක් යැයිම ................සිතා
නිති සිල් රකිමු බුදු හිමි දෙසු බණම..............සිතා
අටලෝ දමින් කම්පා නොව සිටිය ..............යුතුයි
දුදන සිරිත් දිවියෙන් අත් හැරිය ..................යුතුයි
දැහැමිව නිරාමිස සුව අප විඳිය ...................යුතුයි
නුවණ වඩා සසරට මඟ දැකිය ....................යුතුයි

මතක සැමරුම්

වසන්තයේ හැමු සිසිල් සුළඟින්
මන්මත්ව ගිය අපේ හදවත්
ශීත සෘතුවේ වින්දේ සතුටින්
තුහින වෑහෙන අසිරි සිරියත්
දෙඅත් පටලා හීන දකිමින්
ග්‍රීෂ්මයේ ඇඳි පෙමක සිතුවම්
බොඳව ගියේ එද අසුරු සැනකින්
නටබුන්ව හද මතක සැමරුම්..

වෙස් මුහුණු

පෙන්වා මුහුණ එළිපිට දී සිනාසෙමින්
සිත් තුල පැසව පැසවා ඉදි ලොවට හොරෙන්
කුහක සිතින් මිනිසුන් වෙත දොඩා නිතින්
කෙසේ ඉදිනු තේරුම් ගෙන දනන් ඉතින්
පණ දෙන ලෙසට ඉන්නේ සැම බොරු කරමින්
ඉරිසියාව නිති වැඩි වෙයි දුදන සිතින්
ජීවත් විය යුතුයි සැම දින වෙනස් වෙමින්
අටලෝ දමින් නොව කම්පා දකින හදින්...

ෆැෂන්

මහමග යමින් සිටිනා හැම මේ මිනිසුන්
කන්න නැතත් ෆැෂන් කරයි ඉහට උඩින්
විලවුන් තවර හැඩ වැඩ වී පිටත් වෙමින්
බසයේ තෙරපෙන්නේ හිත යට ගිනි පුපුරු දෙමින්
ගන්නා වැටුප මදි හැමදා ෆැෂන් නිසා
ලෙඩ ඇග ඇතුලේ බඩගින්නේ ඉන්න නිසා
ෆැෂන් නොකර තැනක් නැතැයි සිතන නිසා
සැවොම කරයි ඇල්මක් හිතේ තිබෙන නිසා

නව වසරේ පැතුම් මල්

ගෙවුනු කල ගැන සිතා පල නැත
නව වසරකුත් එළඹිලා
කුරිරුකම් හැර දයාවෙන් සිත
පිරෙන දිනයන් ලං වෙලා
සතුරුකම් බිඳ මිතුරුදමකින්
වෙලෙමු නුවණින් කල්බලා
පතමි සුභ නව වසරේ ආසිරි
සැමට යහපත එළඹිලා...



මිනිසුන්ගේ සරදමට 
කෙතරම් ලක් වුවද
හිත තුල ඇති වේදනාව 
ඉස්මතු වූ දිනක
සංවේදී හදවතේ මතු වන
දුක මුසු ගිනි පුපුරු
පිටාර යද්දී
එහි අවසන 
කුමක් විය හැකිද...

පොඩි සාදු

ලන්ද දෙනිවැට අතැ'ල අල්ලන් ගෙවුනු ඒ කල සිහිනයක් 
වෙල් එලියේ දුව පැන නටා අප කරපු සෙල්ලම් මතකයක්
තාරුකා මල් වඩින අහසේ සද දිහා ඇස් උල් කරන්
බලන් හිටියේ පිලේ ඉදගෙන සීතලෙන් ගැහි ගැහි සිටන්
එදා යහළුවෝ අදත් ආවත් මට උරුම නැත ඒ කිසිත් 
අනේ අපෙ පොඩි සාදු කියමින් දන නවා උන් වැද වැටෙත්
සොදුරු ඒ කල යලිත් හිමි නැති බුදු පුතෙකි මා ශාසනේ 
දහම් පොත්පත් බර වැඩියි මට ළමා හදවත වැලපෙතේ
බුදු සාදු දෙස බලා දෙවරක් 
මුමුණ මුමුණා හින් සැරේ 
ලොකු වෙලා මං යලිත් එන්නද 
යන්ට දෙනවද වැව වටේ
මේ වස ඉකුත්ව එන නව වසරේ
සිහි නුවණින් හිද බලනෙමු මිතුරේ
නැණ පමනින් දැන බස තෝරන්නේ
අලසකමින් තොර හෙටක් සිතන්නේ..
නින්ද අයදින නෙතු පියන් යට
සොඳුරුතම පෙම් සිහිනයයි නුඹ
සියොත් සේනා ගී ගයන සඳ
අහිමි සෙනෙහස ඉකිබිඳියි හද
නොනිඳනා සඳ වඩින අහසට
තාරකා මල් කවි කියයි රැය
නෙලන්නට බැරි අතු'ග සුපිපුණ
පුංචි පරසතු කැකුලමය නුඹ
මිතුරු වදනින්
රිදෙන හදවත්
සනසා ගන්නට 
සොයමි ඔසුවක්
ළඟක ඇත්නම් 
කියන් ඉසව්වක්
පැමිණ බලනෙමි
හදට සුවයක්..
තටු සිදුනු කිරිලියට
පන පොවා සවිය දී
ලයට පෑ මිතු දමෙන්
ඔද වැඩී එඩිය දී
සබද නුඹ අත්වැලයි
වැටෙන විට දිරි දිදී
ඉදින් නුඹ ළග හිදින්
නොවෙනස්ව සතුට දී
අමනාපකම් නොමැති 
ලෝකයට පා තබා
සිතින් බැදි මිතුදමෙන්
සෙනෙහසට ලං වෙලා
පාරනා හදවතට 
සුව ඔසුව වීමෙනා
සකි සදේ රැදෙනු හෙට
මා බසට කන් යොමා..
සිත්මල් යායම 
එළිය කරන් හෙට
වඩිනා හිමි සද
හිදින ඉසව් කිම
ඇයි ද පමා මේ
නුවරට වඩිනට
බලන් හිදිමි
නෙතු රිදෙන තුරාවට
නියග නිවාලන 
අසනි වැසි දියෙන්
තෙමා කොපුල් මගේ
හිදී බලා නුඹ
එනෙන දිනක් තව
නැති ද වෙන් කරන්
ළගදිම එනු මැන
ලොවම එළිය කර
මගේ හදට නුඹ..
මූනට පෙන්වන
බොරු පුරසාරම්
කටමැත දොඩවන
පුරාජේරු හැම
ලෝකෙට ඒ අය
නෝනා මහත්තැන්
නැණවත් මිනිස්සුන්
නෑ ඒ කිසිවක්
සරල දිවි පෙවෙත්
ගෙවයි නිදහසේ...
ස්ථීර වූ නොවුනු ජීවිතේ ගෙවන හැටි
කිව හැකි ද කාට හැකි අවසනක් දකින හැටි
පන නල ද කෙසේ නම් නතර කල ගනින හැටි
යා යුතුය කෙදිනහෝ තනිව මේ දිවියේ හැටි..
හිසට නිවන නැති
නොයෙකුත් කරදර
එබී බලන විට 
ජීවිතයේ
පෙර පින් නොමැතිද
සිතෙයි නේක වර
අවිහිංසක මුව
මැවී පෙනේ
බාධක බිඳගෙන
යනු නිති පෙරටම
කියන් සැවොම දෙන
පුරුදු ලෙසේ
අනේ දුකත් මට
දැන්නම් පුරුදුයි
ඒ ගැන විමසුම්
නැතිය සිතේ...
ගලන ගඟ මෙන් ගෙවන දිවියට
කුමට ලතැවුල් සතුට මිස මට
නිරාමිස සුව විඳිනු සදහට
එයින් ලැබ ගනු දිරිය නිවනට
කෙලෙහිගුණ දම් වඩන හිතයට
සත්පුරුෂකම් දැනෙන දම් යට
නොවන නොසරුප් වදන් මතුවට
පතමු මෙත් සිත ලැදිව දහමට
නිහඬ නිසසල දිවිය ගෙවුමට
ලැබෙන නිති පින් අගෙයි ලොවකට
අමා දම් සුව රැඳෙන නිවනට
එයයි සැනසුම මෙයින් මතුවට...
වැහි පොද යට
එක කුඩයක
යනෙනා සැම
හැමදාමත් 
එක ලෙසටම
හිදිනු දකිනු
බැරි කෙලෙසක...
සුවද විහිදෙන පිපුන මල් ලෙස
යුවතියක දිවි ගෙවයි නම් ඇය
නොවේ නොසරුප් බසක් ඇසුමට
එයයි යහපත් දිවියේ ඇරඹුම
ගිල ගැනීමට බලන් සැමවිට
සිටින මිනිසුන් පිරුනු රට තුල
සිහි නුවන පෙර දැරිව නිතියෙන
ජීවිතේ ගත කල යුතුය දැන් කල
නොවටනා බස් දොඩා ඇය හට
රැවටෙනා කල බොළද හිත යට
අවසන්ව දිවි කදුලු බොද කර
ඉරණමයි යුවතියගෙ අහිමිව
මදක් යොමු කර සවන් හද වෙත
සිතා බල හදවතේ රැදි දෙය
අනුන් දොඩනා මුසා බස් දැක
නොරැවටෙන් හිත මුලා කොට නුඹ
කුරිරු වූ මේ සමාජයේ අද
නොමැත හව්හරනක් දිවිය තුල
වේදනාවන් ලයේ තද කර
කල්පනාවෙන් සිටිය යුතු හැම..
ආදරෙයි මං ඔය හිතට තාමත්
ඔයා යලි මෙහි නාවත්
දුකම ලය වෙත ආවත්
හිදිමි නොසිතම කවුරු ආවත්
නිනව්වක් නැති දිවිය තාමත්
එදා ලෙසටම වෙනස් නූවත්
ඉකිබිදින හද කුමක් කීවත්
නැත හදේ මගේ ඉඩක් කාටත්
හුදෙකලාවම උරුම වූවත්
පාළුවෙන් සිත වෙලා ගනිතත්
පෙමක් ගැන යලි පතා ආවත්
නොසිත හිදිනෙමි සෑමදාමත්..

පියාණනි නුඹේ දියණියයි මා

දිවියේ ඇරඹුම වූ එදා නුඹ
කිම මෙසේ නිසලව හිඳින්නේ
නෙතු පියා ගෙන ලොවට හොරැහින්
ඇයි ද සමුගෙන පිය නඟන්නේ
ලෙන්ගතුව මා හා බැඳී සිටි
නුඹයි අහිමිව කඳුළු වැටුනේ
හිඳිමි තනියම මතක තුරුළුව
නැවත මා වෙත එන්න නිබඳේ
ගතින් ළං නොව සිතින් සැමදා
නුඹට පෑ සෙනෙහසේ කැදැල්ලේ
පියාණනි නුඹෙ දියණියයි මා
ආදරෙන් ලය තෙත්ව යන්නේ
අහිමි වූ දා නුඹේ සෙනෙහස
සොවක් මිහිපිට වෙන නොවන්නේ
දුරින් හිඳ වුව බලා ඉනු මැන
දිවියේ අත්වැල නුඹම වන්නේ

සකුරා මල් පිපෙන රටට පා තබා

සකුරා මල් පියලි වැටෙන 
වසන්තයේ එක් දිනයක
ක්යොතො නගරේ ඇවිදින්නට
යන්නට එනවද
කබුකි රැඟුම් රස විද විද
සශිමි කකා බඩ පුරවන්
තණ පලසේ හිඳ ගැයුමට
යන්නට එනවද
හිරෝෂිමා නගරෙට ගොස්
සුන්බුන් වූ කෞතුක දැක
සීත සුළං පහස ලබා
ගන්නට එනවද
තෝකියෝව පුරා ගිහින්
දෙන්ෂිජිෂෝවක් අරගෙන
ජපන් ටිකක් පුරුදු වෙන්න
යන්නට එනවද
ජපානයේ අසිරි බලා
දහදුක් විද කාසි සොයා
නැවතත් සිය මව් රට වෙත
යන්නට එනවද