මගේ හිතට මතුවෙන නේක විධ සිතුවිලි මේ අයුරින් පද ගලපා ඉදිරිපත් කිරීමට මා පෙළඹුනේ අහම්බෙන්.කවි පබැඳීම නිසාම හිතට එන මානසික සැහැල්ලුවට මං හරි ආසයි.මේ කවි නීති වලට අනුව තැනීමට මා තවමත් උත්සහ නොකරන්නේ එයින් මගේ මනසට එන සිතුවිලි වලට බාධා එන නිසයි.
Wednesday, January 14, 2015
පියවර
යා යුතු මඟ දැන
ඇරඹූ දිවියේ
නොසැලී පෙරටම
දරා සියලු දෙය
යුහුසුළු ගමනින්
ඉදිරි බලා හෙට
තබනෙමු පියවර
දැඩි කොට හදවත
නැවතත් නොතබමි
පය පසුපසකට
ජය ගෙන මිස ලොව
නොබලමි කිසිවිට
ඇරඹූ දිවියේ
නොසැලී පෙරටම
දරා සියලු දෙය
යුහුසුළු ගමනින්
ඉදිරි බලා හෙට
තබනෙමු පියවර
දැඩි කොට හදවත
නැවතත් නොතබමි
පය පසුපසකට
ජය ගෙන මිස ලොව
නොබලමි කිසිවිට
අහිමි සැප කුමට මට
අරුමෝසමින් පිරුණු ලෝකයෙන් දුරස් වුන
දිළිඳු බවේ රජ වෙවී මහමඟට වීසි වුන
දෙතනේ කිරි නැති සොවින් බඩ පොත්ත ඇලවුන
දැක නංගිගේ මුව මගේ හද මැලවුන
දිළිඳු බවේ රජ වෙවී මහමඟට වීසි වුන
දෙතනේ කිරි නැති සොවින් බඩ පොත්ත ඇලවුන
දැක නංගිගේ මුව මගේ හද මැලවුන
පින්බර දුරුතු පොහෝ දිනය
අඳුර නසා ආලෝකය ලැබෙන......................දින
සුවඳැති මලින් බුදු හිමියන් පුදන ...................දින
සම්බුදු හිමි දෙසූ බණ පද ඇසෙන .................දින
පින්බර දුරුතු පොහො දිනයක් ඇතමෙ ..........දින
සුවඳැති මලින් බුදු හිමියන් පුදන ...................දින
සම්බුදු හිමි දෙසූ බණ පද ඇසෙන .................දින
පින්බර දුරුතු පොහො දිනයක් ඇතමෙ ..........දින
සිල්වත් සිතින් දිවියේ ඇති ගැහැට ...............සිතා
බුදු හිමි වඳිමි දුක් කරදර ගැනම ...................සිතා
දිවියට ඉතුරු පින පමණක් යැයිම ................සිතා
නිති සිල් රකිමු බුදු හිමි දෙසු බණම..............සිතා
බුදු හිමි වඳිමි දුක් කරදර ගැනම ...................සිතා
දිවියට ඉතුරු පින පමණක් යැයිම ................සිතා
නිති සිල් රකිමු බුදු හිමි දෙසු බණම..............සිතා
අටලෝ දමින් කම්පා නොව සිටිය ..............යුතුයි
දුදන සිරිත් දිවියෙන් අත් හැරිය ..................යුතුයි
දැහැමිව නිරාමිස සුව අප විඳිය ...................යුතුයි
නුවණ වඩා සසරට මඟ දැකිය ....................යුතුයි
දුදන සිරිත් දිවියෙන් අත් හැරිය ..................යුතුයි
දැහැමිව නිරාමිස සුව අප විඳිය ...................යුතුයි
නුවණ වඩා සසරට මඟ දැකිය ....................යුතුයි
වෙස් මුහුණු
පෙන්වා මුහුණ එළිපිට දී සිනාසෙමින්
සිත් තුල පැසව පැසවා ඉදි ලොවට හොරෙන්
කුහක සිතින් මිනිසුන් වෙත දොඩා නිතින්
කෙසේ ඉදිනු තේරුම් ගෙන දනන් ඉතින්
සිත් තුල පැසව පැසවා ඉදි ලොවට හොරෙන්
කුහක සිතින් මිනිසුන් වෙත දොඩා නිතින්
කෙසේ ඉදිනු තේරුම් ගෙන දනන් ඉතින්
පණ දෙන ලෙසට ඉන්නේ සැම බොරු කරමින්
ඉරිසියාව නිති වැඩි වෙයි දුදන සිතින්
ජීවත් විය යුතුයි සැම දින වෙනස් වෙමින්
අටලෝ දමින් නොව කම්පා දකින හදින්...
ඉරිසියාව නිති වැඩි වෙයි දුදන සිතින්
ජීවත් විය යුතුයි සැම දින වෙනස් වෙමින්
අටලෝ දමින් නොව කම්පා දකින හදින්...
ෆැෂන්
මහමග යමින් සිටිනා හැම මේ මිනිසුන්
කන්න නැතත් ෆැෂන් කරයි ඉහට උඩින්
විලවුන් තවර හැඩ වැඩ වී පිටත් වෙමින්
බසයේ තෙරපෙන්නේ හිත යට ගිනි පුපුරු දෙමින්
කන්න නැතත් ෆැෂන් කරයි ඉහට උඩින්
විලවුන් තවර හැඩ වැඩ වී පිටත් වෙමින්
බසයේ තෙරපෙන්නේ හිත යට ගිනි පුපුරු දෙමින්
ගන්නා වැටුප මදි හැමදා ෆැෂන් නිසා
ලෙඩ ඇග ඇතුලේ බඩගින්නේ ඉන්න නිසා
ෆැෂන් නොකර තැනක් නැතැයි සිතන නිසා
සැවොම කරයි ඇල්මක් හිතේ තිබෙන නිසා
ලෙඩ ඇග ඇතුලේ බඩගින්නේ ඉන්න නිසා
ෆැෂන් නොකර තැනක් නැතැයි සිතන නිසා
සැවොම කරයි ඇල්මක් හිතේ තිබෙන නිසා
නව වසරේ පැතුම් මල්
ගෙවුනු කල ගැන සිතා පල නැත
නව වසරකුත් එළඹිලා
කුරිරුකම් හැර දයාවෙන් සිත
පිරෙන දිනයන් ලං වෙලා
සතුරුකම් බිඳ මිතුරුදමකින්
වෙලෙමු නුවණින් කල්බලා
පතමි සුභ නව වසරේ ආසිරි
සැමට යහපත එළඹිලා...
නව වසරකුත් එළඹිලා
කුරිරුකම් හැර දයාවෙන් සිත
පිරෙන දිනයන් ලං වෙලා
සතුරුකම් බිඳ මිතුරුදමකින්
වෙලෙමු නුවණින් කල්බලා
පතමි සුභ නව වසරේ ආසිරි
සැමට යහපත එළඹිලා...
පොඩි සාදු
ලන්ද දෙනිවැට අතැ'ල අල්ලන් ගෙවුනු ඒ කල සිහිනයක්
වෙල් එලියේ දුව පැන නටා අප කරපු සෙල්ලම් මතකයක්
තාරුකා මල් වඩින අහසේ සද දිහා ඇස් උල් කරන්
බලන් හිටියේ පිලේ ඉදගෙන සීතලෙන් ගැහි ගැහි සිටන්
වෙල් එලියේ දුව පැන නටා අප කරපු සෙල්ලම් මතකයක්
තාරුකා මල් වඩින අහසේ සද දිහා ඇස් උල් කරන්
බලන් හිටියේ පිලේ ඉදගෙන සීතලෙන් ගැහි ගැහි සිටන්
එදා යහළුවෝ අදත් ආවත් මට උරුම නැත ඒ කිසිත්
අනේ අපෙ පොඩි සාදු කියමින් දන නවා උන් වැද වැටෙත්
සොදුරු ඒ කල යලිත් හිමි නැති බුදු පුතෙකි මා ශාසනේ
දහම් පොත්පත් බර වැඩියි මට ළමා හදවත වැලපෙතේ
අනේ අපෙ පොඩි සාදු කියමින් දන නවා උන් වැද වැටෙත්
සොදුරු ඒ කල යලිත් හිමි නැති බුදු පුතෙකි මා ශාසනේ
දහම් පොත්පත් බර වැඩියි මට ළමා හදවත වැලපෙතේ
බුදු සාදු දෙස බලා දෙවරක්
මුමුණ මුමුණා හින් සැරේ
ලොකු වෙලා මං යලිත් එන්නද
යන්ට දෙනවද වැව වටේ
මුමුණ මුමුණා හින් සැරේ
ලොකු වෙලා මං යලිත් එන්නද
යන්ට දෙනවද වැව වටේ
පියාණනි නුඹේ දියණියයි මා
දිවියේ ඇරඹුම වූ එදා නුඹ
කිම මෙසේ නිසලව හිඳින්නේ
නෙතු පියා ගෙන ලොවට හොරැහින්
ඇයි ද සමුගෙන පිය නඟන්නේ
කිම මෙසේ නිසලව හිඳින්නේ
නෙතු පියා ගෙන ලොවට හොරැහින්
ඇයි ද සමුගෙන පිය නඟන්නේ
ලෙන්ගතුව මා හා බැඳී සිටි
නුඹයි අහිමිව කඳුළු වැටුනේ
හිඳිමි තනියම මතක තුරුළුව
නැවත මා වෙත එන්න නිබඳේ
නුඹයි අහිමිව කඳුළු වැටුනේ
හිඳිමි තනියම මතක තුරුළුව
නැවත මා වෙත එන්න නිබඳේ
ගතින් ළං නොව සිතින් සැමදා
නුඹට පෑ සෙනෙහසේ කැදැල්ලේ
පියාණනි නුඹෙ දියණියයි මා
ආදරෙන් ලය තෙත්ව යන්නේ
නුඹට පෑ සෙනෙහසේ කැදැල්ලේ
පියාණනි නුඹෙ දියණියයි මා
ආදරෙන් ලය තෙත්ව යන්නේ
අහිමි වූ දා නුඹේ සෙනෙහස
සොවක් මිහිපිට වෙන නොවන්නේ
දුරින් හිඳ වුව බලා ඉනු මැන
දිවියේ අත්වැල නුඹම වන්නේ
සොවක් මිහිපිට වෙන නොවන්නේ
දුරින් හිඳ වුව බලා ඉනු මැන
දිවියේ අත්වැල නුඹම වන්නේ
Subscribe to:
Comments (Atom)

.jpg)

.jpg)